(+94) 412255116
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

  • Register
  • Login
Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
      • වෘත්තීය අධ්‍යාපනය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

එවකට ජිවත් වූ බෞද්ධ ජන නායකයෙක් වූ ජී ද එස් කුලරත්න මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වූ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස දික්වැල්ල බෞද්ධ අධ්‍යාපන සභාව ආරම්භ විය.මෙම සභාවේ නිගමනයක් අනුව 1942 ජනවාරි 19 වන දින දික්වැල්ල තංගල්ල මාර්ගයේ වත්මන් පරිශ්‍රයේ පිහිටි භුමි භාගය අසල තිබු මුහන්දිරම් ජේ.ඩී.ගුණරත්න මහතාට අයත්ව තිබු නිවසක් එතුමාගේ පරිත්‍යාගයක් ලෙස ලැබීමෙන් අප විජිත විද්‍යලයේ උපත සිදුවී ඇති අතර එය බෞද්ධ ඉංග්‍රීසි විදුහලක් ලෙස ආරම්භ වී ඇත.1942 ජනවාරි 19 වන දින ජී.ඒ.ගුණරත්න මහතා ප්‍රථම විදුහල්පති ලෙස ගුරුවරුන් කිහිපදෙනෙකු සහ සිසුන් 55 දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී.පරිත්‍යාග කල නිවසට අමතරව පොල් අතුවලින් සෙවෙලි කරන ලද ශාලාවක් ද විය.එවකට සිටි ධන පරිත්‍යාගශීලීන්ගේ ආධාරයෙන් මෙම ශාලාව වෙනුවට ලැබූ ප්‍රථම ස්ථීර ගොඩනැගිල්ල, වර්තමාන විද්‍යාලයේ ආදර්ශපාඨය ලෙස දක්නට ලැබෙන "අප්පමාදේන සම්පාදේථ"යන බුදු වදනින් සරසා තවදුරටත් ප්‍රතිසංස්කරණය කර ඉතා ආරක්ෂාකාරී ලෙස පවත්වාගෙන යනු ලැබේ.එසේ ආරක්ෂාකාරීව මෙම ශාලාව තබා ගෙනීමට හේතුව ඒ විද්‍යාලයේ සිසුන් විශාල පිරිසකට අධ්‍යාපනය ලබා දී විද්වතුන් රැසක් සමාජයට දායාද කල විද්‍යාලයේ වාසනාවන්තම ගොඩනැගිල්ල ලෙස සැලකීම නිසා විය හැකිය.

1942 ජනවාරි 19 දින ඇරඹී අප විජිතය පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ පාලනය යටතේ පවත්වාගෙන ගිය අතර විද්‍යාලයේ පාලනය රජයට පවරාගෙන ඇත්තේ වර්ෂ 1944 දීය මේ වන විට ශිෂ්‍ය සංඛාව 55 දක්වා ගුරු මණ්ඩලය 8 දක්වාත් 5 වන ශ්‍රේණිය ඇතුළුව පන්ති සංඛාව 13 දක්වාත් වර්ධනය විය. ප්‍රථම ගුරු දෙගුරු සංගමය හා ප්‍රථම ගුරු සුබ සාධක සංගමය මෙම කාල සීමාවේදී බිහිවීම විශේෂත්වයකි . නිදහස් අධ්‍යාපනයේ හිරු කිරණින් රටම පුබුදුවාලු ආචාර්ය සී.ඩබ්.ඩබ් .කන්නන්ගර මැතිදුන්ගේ මධ්‍ය විද්‍යාල සංකල්පය යටතේ දිවයින තුල ආරම්භ කල ප්‍රථම මධ්‍ය විද්‍යාල නවයෙන් එකක් අතරට විජිතය පත්ව ඇත්තේ 1945 වසරේදීය. 1994 ජාතික පාසලක් ලෙසත් 1996 දී මාතර දිස්ත්‍රික්කයේ එකම ක්‍රීඩා පාසැල ලෙසටත් තේරී පත්ව ඇත.

2002 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනෙන් ප්‍රථමයා බිහි කිරීම, 2004 වසරේ ග්‍රීසියේ ඇතන්ස් නුවර පැවති ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කිරීමට වරම් ලද උස පැනීමේ ශුරයා වූ මංජුල කුමාර, 2010 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බිහි කිරීම, ඇමරිකානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවතී දීප ව්‍යාප්ත පාසල් ඉංග්‍රීසි රචනා තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීම, වසර 10ක් පමණ කාලයක් මුළුල්ලේ පැවත්වූ සමස්ථ ලංකා මට්ටමින් සංගීත තරඟ ජයග්‍රහණයන් විදුහලට හිමි වීම, 2011 ප්‍රංශයේ පැවති ලෝක යෞවන ක්‍රීඩා උළෙල හා එංගලන්තයේ පැවැත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය කණිෂ්ට යොවුන් ක්‍රීඩාව නියෝජනය කල ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ නව වාර්තාවක් පිහිට වූ චලනක ප්‍රියනාත් වීරසිංහ ද අප විජීතය අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය පරිභාහිර ක්‍රියාකාරකම් කිරීමෙහිලා හපන්නු බව පෙන්නුම් කිරීමට සාක්ෂි දරයි.

 

ආරම්භ කළ වර්ෂය

1942 ජනවාරි 19

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

08

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

55

මුල් ගුරුතුමාගේ නම

P.A.ගුණරත්න මයා 

 පාසලේ මුල් ගොඩනැගිලි ගණන

 01

මුල් ගොඩනැගිල්ලේ නම 

අප්පමාදේන ශාලාව 

පාසලේ නම

විජිත  විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1943 නොවැම්බර්  15

පාසල පැවැත්වූ ස්ථානය

දික්වැල්ල 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

-

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

W.A.විජේසේකර 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1942 ජනවාරි 19

 

Dikwella Vijitha Central College.

MR/VIJITHA CENTRAL COLLEGE

Matara Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • මාර/විජිත මධ්‍ය විද්‍යාලය දික්වැල්ල .

: (+94)412255116

: [email protected]

Supported By

© 2026 Dikwella Vijitha Central College.. All rights reserved. Design with by Webcomms Global | Help Desk