වෘත්තීය අධ්‍යාපන වැඩසටහන

13 වසරක සහතික කරන ලද වෘත්තීය අධ්‍යාපන වැඩසටහන

අ.පො.ස. (සා / පෙළ ) විභාගය සමත් / අසමත් බව නොසලකා උසස් අධ්‍යාපනය ලැබීමට මෙම වැඩසටහන මගින් අවස්ථාව හිමි වේ.

පළමුව එක් එක් විෂයට අනුව මාස 6 ක සිට අවුරුද්දක් දක්වා තාක්ෂණික පහසුකම් යටතේ සිද්ධාන්ත හා ප්‍රායෝගික පුහුණුව ලබයි.

ඉන්පසුව එක් එක් විෂයට අදාළව VTA / TEC / NAITA / NISS යන ඉහත ආයතන වල පුහුණුව සඳහා යොමු කරන අතර මාස 18,24 පුහුණුවකින් පසු NVQ 4 සහතිකය ලබා ගත හැක. මෙම පුහුණුවෙන් පසු තවදුරටත් අධ්‍යාපනය ලබන්නේ නම් NVQ 5 මට්ටමට ලඟා විය හැකි අතර එය උපාධි මට්ටම දක්වා රැගෙන යා හැකිය.

හැදෑරිය හැකි පාඨමාලා

  • සංචරණය හා ආගන්තුක සත්කාර
  • කාර්ය සිද්ධි කළමනාකරණය
  • විලාසිතා නිර්මාණකරණය
  • ආහාර නිෂ්පාදන තාක්ෂණවේදය
  • ළමා මනෝ විද්‍යාව හා ආරක්ශනය
  • සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය
  • ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා