-
සෑම සිසු/සිසුවියක්ම දිනපතා පෙ.ව.7.30 ට කලින් සම්පුර්ණ නිල ඇදුමින් පාසලට පැමිණිය යුතුය.
-
උදෑසන ආගමික වතාවත් සිදු කරන විට ප්‍රමාද වී පාසලට පැමිණෙන සියළු සිසුන් ප්‍රධාන දොරටුව අසලදී පේලියට සිට ආගමික වතාවත් සිදුකළ යුතුය.
-
ජාතික ගීය හා පාසල් ගීය ගායනා කරන විට සීරුවෙන් සිට එයට ගරු කළ යුතුය.
-
පාසලේ ඩෙස් පුටු වලට හානි කිරීම / ගොඩනැගිලි වලට හානි කිරීම / වැසිකිලි පද්ධතියට හානි කිරීම නොකළ යුතුය.
-
තම පන්ති කාමරය හා අවට පරික්ෂා කර පිරිසිදු කරගත යුතුය.
-
ප්‍රධාන දොරටුවෙන් පමණක් පාසලට පැමිණිය යුතු අතර ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා නොකළ යුතුය.
-
පන්ති කාමර සහ පාසල් භූමිය තුළ (ක්‍රීඩාපිටිය හැර ) හිස් වැසුම් පැළදීමෙන් වැළකිය යුතුය.
-
ජංගම දුරකථන පාසලට රැගෙන ඒම හා භාවිතා කිරීම සපුරා තහනම්ය.
-
කොණ්ඩය තට්ටු කැපීම (ලේයර්) කිරීම රැලි නැති කිරීම (ස්ට්‍රේට්) සපුරා තහනම්.
-
බාලකයින් කලු සපත්තු හා කළු මේස් පැළඳිය යුතු අතර බාලිකාවන් සුදු සපත්තු සුදු මේස් පැළඳිය යුතුය.
-
උල් සපත්තු හා ඩෙක් ෂූ පැළඳීම සපුරා තහනම් වේ.
-
පරිඝණක ගුරුවරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව CD/DVD/VCD තැටි පාසැල තුළට රැගෙන ඒම තහනම්.
-
10ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන්ට පමණක් අවශ්‍ය නම් කළු හෝ ගුරු පටිය සහිත අත් ඔරලෝසුවක් පැළදිය හැකිය.
-
රත්තරන් පාට හා රිදී පටිය සහිත ඔරලෝසු පැළඳීම තහනම්.
-
විවිධ වර්ණයේ නූල් අතේ බැඳීම හා කරේ දැමීම නොකළ යුතුය
-
.රත්තරන් හා රිදී මාල,මුදු ආදිය පැළඳීම තහනම්ය.(විශේෂ අවසරයක් නොමැතිව)
-
නියපොතු වැවීම,වර්ණ ගැන්වීම,ඇහිබැම ගෑම නොකළ යුතුය.
-
පාසලට පැමිණීමෙන් පසු විධිමත් අවසරයකින් තොරව පාසලෙන් බැහැරව යාම නොකළ යුතුය.
-
පාර මාරුවන සියළු සිසුන් කහ ඉර හරහා පාර මාරු විය යුතුය.
-
පොත් රැගෙන ඒම සඳහා හෑන්ඩ් බෑග් භාවිතා කිරීම නොකළ යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි