අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල කොට්ඨාශයේ වෙරළාසන්න මනරම් පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි උදාරතර හා විනයතර පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ විරාජමානව වැජඹෙන ක්‍රීඩා පාසලක් වන විජිත මධ්‍ය විද්‍යාලය, ශ්‍රී ලංකා භූමිය තුළ මෙන්ම ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩා තරු බිහි කිරීමට සමත් වී ඇත.









